Home World News Room : අභියෝගයන් නොතකමින් ජීවිතය ජයගත් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත ලොව පළමු...

News Room : අභියෝගයන් නොතකමින් ජීවිතය ජයගත් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත ලොව පළමු නීතීඥවරිය

0
0

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා (Ana Victoria Espino de Santiago) පසුගියදා ඉතිහාසයට එක්විය.

25 හැවිරිදි ඇය තමාට ලැබුණු නිවැරදි සහයෝගය සහ අවස්ථාවන් සමඟ නීතීඥවරියක් වීමේ ඇගේ සිහිනය හඹා ගොස් තිබුණේ, බොහෝ දෙනෙකු කළ නොහැකි යැයි සම්මත තත්ත්වයන් අතික්‍රමණය කරමිනි.

Universidad Autonoma de Zacatecas වෙතින් නීති උපාධිය ලබාගත් ඇනා හට ඇයගේ නීති අධ්‍යාපන කාලය පුරාවටම ඇය වෙනුවෙන් කැප වූ මහාචාර්යවරයෙකුගේ සහාය ලැබී තිබීම විශේෂ සිදුවීමකි.

ඇනා තමාට සහාය වූ මහාචාර්යවරයාව හඳුන්වා දෙන්නේ ”සෙවණැලි ගුරුවරයා” ලෙසයි.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය වනවා පමණක් නොව ඇනා, විශ්වවිද්‍යාල උපාධියක් සහිත ගෝලීය වශයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දුර්ලභ පුද්ගලයින් අතර ද කෙනෙකි.

එමෙන්ම ඇය ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද කැප වුණු සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ප්‍රකටය.

නීතිය විෂයෙහි පමණක් නොව කලාව තුළත් කැපී පෙනෙන දස්කම් දක්වන ඇනා, 2014 වසරේ සිට චිත්‍ර ප්‍රදර්ශන කිහිපයක්ම පවත්වා තිබෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here