Home World News Room : දින පහකට පෙර අතුරුදන් වූ 6 හැවිරිදි වියට්නාම දරුවා වනාන්තරයකින් හමු...

News Room : දින පහකට පෙර අතුරුදන් වූ 6 හැවිරිදි වියට්නාම දරුවා වනාන්තරයකින් හමු වෙයි

0
0

වියට්නාමයේ යෙන් බායි ප්‍රාන්තයෙන් අතුරුදන්වූ 6 හැවිරිදි දරුවකු දින පහකට පසු වනාන්තරයකින් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වනාන්තර ආශ්‍රිත ගැමි පවුලකට අයත් ඩැං ටියාන් ලැම් නමැති එම පිරිමි දරුවා පසුගිය 17 වැනිදා අතුරුදන් වී ඇත්තේ තවත් දරුවන් පිරිසක් සමඟ වනාන්තරය අසල පිහිටි දිය පහරක් අසල ක්‍රීඩා කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගම්වැසියන් හා පොලිස් නිලධාරීන් ඇතුළු 150කට අධික පිරිසක් දින 5ක් පුරා දරුවා සොයා මෙහෙයුමක නිරත වී ඇති අතර, පෙරේදා එම වනාන්තරය අසල කුරුඳු වගාවක නිරතව සිටි ගොවීන් පිරිසකට වනාන්තරය තුළින් කුඩා දරුවකු හඬන ශබ්දයක් ඇසී ඒ පිළිබඳ සොයා බැලීමේදී දරුවා හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here