Home World News Room : බංග්ලාදේශයේ හින්දු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අන්තර්වාර රජයේ ප්‍රධානියාට...

News Room : බංග්ලාදේශයේ හින්දු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ගැන අන්තර්වාර රජයේ ප්‍රධානියාට පැමිණිලි

1
0

ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ආගමික හා වාර්ගික සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑමෙන් බංග්ලාදේශයේ බරපතළ මානුෂීය අර්බුදයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මුස්ලිම් රාජ්‍යයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදයකට අනුගතවී සිටියද එරට හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් ඉලක්ක කරමින් පසුගියදා එල්ල වූ ප්‍රහාරමාලාව එරට ඉස්ලාම් මූලධර්මවාදීන් සැලසුම් සහගතව සිදු කළ බවට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

බංග්ලාදේශයේ සුළුතර අයිතිවාසිකම් සංවිධාන වාර්තාවලට අනුව හසීනාගේ නික්ම යෑමෙන් පසු ගතවූ සතිය ඇතුළත එරට දිස්ත්‍රික්ක 52ක් පුරා සුළු ජාතීන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් 205ක් වාර්තා වී ඇතැයි ද, මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස අන්තර්වාර රජයේ ප්‍රධානී මහාචාර්ය මොහොමඩ් යූනුස්ට විවෘත ලිපියක් යොමු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. විශේෂයෙන් හින්දු කෝවිල්, නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ගිනිතබා කොල්ල කෑමත්, හින්දු කාන්තාවන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වීමත් එරට මානව හිමිකම් සංවිධානවල අවධානයට ලක්වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here