Home World News Room : ඉන්දියාවෙන් සිරියාවට පිළිකා ඖෂධ කිලෝ 1400ක්

News Room : ඉන්දියාවෙන් සිරියාවට පිළිකා ඖෂධ කිලෝ 1400ක්

0
0

මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය යටතේ ඉන්දියාවෙන් සිරියාවට පිළිකානාශක ඖෂධ කිලෝ 1400ක් පරිත්‍යාග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ මානුෂීය ආධාර සැපයීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව මේ ඖෂධ තොගය පරිත්‍යාග කරනු ලැබූ බවය.

සිරියාවේ අර්බුදය ආරම්භ වූ කාලයේ සිට එරට ඉන්දීය තානාපති කාර්යාලය එරට මානුෂීය සහනාධාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, මෙවර සිරියානු රජයට භාර දුන් ඖෂධ තොගය පිළිකාවෙන් පීඩා විඳින එරට ජනතාවට විශාල සහනයක් වනු ඇති බවත් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

යුද ගැටුම් හා අර්බුද හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින සිරියානු ජනතාවට පිළිකාව වැනි රෝග සඳහා ඖෂධ හිඟතාව ගැටලුවක් වී ඇති බවත්, එරට ජනාධිපති ආර්යාව අස්මා අසාඩ් ද ලියුකේමියා රෝගයට ගොදුරු වී සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here