Home World News Room : චීන අත්අඩංගුවේ පසුවූ තායිවාන ධීවරයන් නිදහස් කරයි

News Room : චීන අත්අඩංගුවේ පසුවූ තායිවාන ධීවරයන් නිදහස් කරයි

1
0

සිය මුහුදු සීමාවට අනවසරයෙන් ආක්‍රමණය කළ බව කියමින් චීන වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් තායිවාන ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් සිවුදෙනකු යළි තායිවානයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු චීන මුහුදේ චීන කලාපයට ඇතුළු වී නීතිවිරෝධී අයුරින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් තායිවාන ධීවරයන් හා යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේදීය. කෙසේ වුවද එම යාත්‍රාවේ සිටි තවත් ධීවරයකු වැඩිදුර විමර්ශන සඳහා තවදුරටත් රඳවා තබා ගැනීමට චීන බලධාරින් පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම ධීවරයා කණ්ඩායමේ ප්‍රධානියා බව ද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර තායිවාන ජාතිකයන් දෙදෙනකු හා ඉන්දුනීසියානු ජාතිකයන් තිදෙනකු සිටි බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ චීනයේ ෆුජියැං ප්‍රාන්තයේ වෙරළාරක්ෂක බළකාය විසින් බවත් චීන රජයේ නිල ගුවන්විදුලිය වන සීසීටීවී ආයතනය ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here