19
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිපිරීමක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ පිපිරීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි ඊශ්‍රායල පොලිසිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පිපිරීමෙන් මිය ගොස් ඇත්තේ නාඳුනන පුද්ගලයකු බවත්, ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවකු විය හැකි බවත් ඊශ්‍රායල පොලිසිය සැක පහළ කර ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර තිබේ.
මේ පිපිරීම සිදුවූයේ ගාසා තීරයේ යුද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයට සතුරු ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධව අනතුරු ඇඟවීම් සිදු කර තිබියදී බැවින් ටෙල් අවීව් නුවර සිදුවූ පිපිරීම ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ.







