Home World News Room : ඇෆ්ගන් සික් ජාතිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය

News Room : ඇෆ්ගන් සික් ජාතිකයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය

5
0

ඉන්දියාවේ පුරවැසිභාව සංශෝධිත පනත යටතේ ඇෆ්ගනිස්තාන සික් ජාතිකයන් 20 දෙනකුට පුරවැසිභාවය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සික් ජාතිකයන් ඔන්ලයින් ක්‍රමවේදය මගින් මීට දින 100කට පෙර ඉන්දියාවේ පුරවැසිභාවය අයැදුම් කළ පළමු කණ්ඩායමට ඇතුළත්ව සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දැඩි මතධාරී ඉස්ලාම් රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානයේ සුළුතර ජාතිකයන් ලෙස සික් ජාතිකයන් විශාල පිරිසක් පදිංචිව සිටින අතර, වසර 1978දී එරට ඉස්ලාමීය අන්තවාදී ගැටුම් හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන් වැඩි පිරිසක් අසූව දශකයේ සිට ඉන්දියාව, උතුරු අමෙරිකාව, බ්‍රිතාන්‍යය, පාකිස්තානය සහ රුසියාවට සංක්‍රමණය වෙමින් සිටින බවත්, ඉන්දීය රජය මගින් ඇෆ්ගනිස්තාන සික් ජාතිකයන්ට පුරවැසිභාවය ලබාදීම 2019 දී සංශෝධිත පුරවැසිභාවය පනත යටතේ සිදු කෙරෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here