Home World News Room : බංග්ලාදේශ යුද හමුදාවේ ජෙනරාල්වරයෙක් අත්අඩංගුවට

News Room : බංග්ලාදේශ යුද හමුදාවේ ජෙනරාල්වරයෙක් අත්අඩංගුවට

0
0

ශෙයික් හසීනාගේ රජය බිඳ වැටීමෙන් දිනකට පසු හමුදාවෙන් නෙරපා හරිනු ලැබූ එරට යුද හමුදාවේ තරු දෙකේ ජෙනරාල්වරයකු වන සියාවුල් අහ්සාන් මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හසීනාගේ පාලන සමයේ වඩාත්ම බලගතු හමුදා නිලධාරියකු ලෙස ප්‍රකට ජෙනරාල්වරයා බලහත්කාර අතුරුදන් කිරීම් කිහිපයකට සම්බන්ධ බවට පොලිසියට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සති ගණනාවක් බංග්ලාදේශයේ පැවැති ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු අත්අඩංගුවට පත් වූ පළමු හමුදා ජෙනරාල්වරයා සියාවුල් අහ්සාන් වන අතර, එම චෝදනා යටතේම පසුගිය රජයේ හිටපු අධිකරණ ඇමති අනිසුල් හක් සහ හිටපු උපදේශකවරයකු වන සල්මාන් රහ්මාන් ද අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here