Home World News Room : බංග්ලාදේශයේ හින්දු ප්‍රජාව ආරක්ෂා කරන්නැයි ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව අසල...

News Room : බංග්ලාදේශයේ හින්දු ප්‍රජාව ආරක්ෂා කරන්නැයි ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව අසල විරෝධතා

1
0

බංග්ලාදේශයේ හින්දු ජනතාවට සහයෝගය දක්වමින් ලන්ඩන් නුවර පිහිටි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතා රැලියක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සඳහා බ්‍රිතාන්‍යයේ සිටින අතිවිශාල හින්දු ජාතිකයන් පිරිසක් සහභාගි වී ඇතැයි ද, ඔවුන් බංග්ලාදේශයේ හින්දු කෝවිල් රැක දෙන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බ්‍රිතාන්‍යයේ විවිධ මානව හිමිකම් සංවිධානවල නියෝජිතයන්, බංග්ලාදේශ ඩයස්පෝරාවේ නියෝජිතයන්, ඉන්දු- අමෙරිකා හින්දු සහයෝගිතා සංගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් ද , බංග්ලාදේශ ක්‍රිස්තායානි සංගමයේ නියෝජිතයන් ද එම විරෝධතාවට එක්වී ඇති අතර, බංග්ලාදේශයේ හින්දු ප්‍රජාවට සහ සහයෝගය පළ කරමින් විරෝධතාවට සහභාගි වූ බව වාර්තා වේ.

බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා රටින් පිටවීමෙන් පසු එරට පිහිටි හින්දු කෝවිල් හා හින්දු ජාතිකයන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සහ රන් ආභාරණ, මුදල් ඇතුළු ගෘහ භාණ්ඩ කොල්ලකෑම තරයේම හෙළා දකින බව කියමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අසල බංග්ලාදේශ ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහිව උද්ඝෝෂණය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here