Home World News Room : පාර්ලිමේන්තු මැතිවරණය වහා කැඳවන්න එක්සත් ජාතීන්ගේ මහලේකම් බංග්ලාදේශයෙන් ඉල්ලයි

News Room : පාර්ලිමේන්තු මැතිවරණය වහා කැඳවන්න එක්සත් ජාතීන්ගේ මහලේකම් බංග්ලාදේශයෙන් ඉල්ලයි

0
0

බංග්ලාදේශයේ මහමැතිවරණය වහා කැඳවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සියලු පාර්ශ්ව ඒකරාශි කර ගනිමින් එම ක්‍රියාවලිය සිදු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එම මැතිවරණ ක්‍රියාවලියට කාන්තාවන් මෙන්ම සුළු ජාතීන් ද ඇතුළත් කර ගන්නා ලෙසත්, අන්තර්වාර රජයේ සහාය ඇතිව බංග්ලාදේශයේ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට දරන උත්සාහයන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානි මහාචාර්ය මොහොමඩ් යූනුස්ගෙන් එම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බංග්ලාදේශයේ ජනතාවගේ මානව හිමිකම්වලට ගරු කරන ලෙසත්, සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඇන්ටෝනියෝ ගුටරෙස් අන්තර්වාර රජයේ ප්‍රධානියාගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here