Home World News Room : තායිලන්තයේ ළාබාලතම අගමැති පත් වෙයි

News Room : තායිලන්තයේ ළාබාලතම අගමැති පත් වෙයි

0
0

තායිලන්තයේ හිටපු අගමැති ටස්කින් ෂිනවට්රාගේ දියණිය පයිටොන්ටාන් ෂිනවට්රා එරට නව අගමැති ලෙස පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි පයිටොන්ටාන් තායිලන්තයේ ළාබාලතම අගමැති ලෙසත් එම තනතුරට පත්වූ දෙවැනි කාන්තාව ලෙසත් ඉතිහාසයට එක්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර 2011දී ඇගේ එරට අගමැති ධුරයට පත්වූ පළමු කාන්තාවගේ වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ඇගේ නැන්දනිය යිංලක් ෂිනවට්රා විසිනි.

තායිලන්ත පාර්ලිමේන්තුව පයිටොන්ටාන් ෂිනවට්රා තායිලන්තයේ නව අගමැති ලෙස තෝරාගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට එරට ව්‍යවස්ථාදායක අධිකරණය හිටපු අගමැති ස්‍රෙතා තවිසින් ධුරයෙන් නෙරපා හැරීම හේතුවෙනි. මේ දෙදෙනාම පසුගිය වසරේ පැවැති මැතිවරණයෙන් පසු පත් කළ හවුල් රජයට එක්වූ පියු තායි පක්ෂයේ සාමාජිකයෝ වෙති. නව අගමැති තෝරාපත් කිරීමට පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඇයට පක්ෂව ඡන්ද 319ක් ලැබි ඇතැයි ද, විපක්ෂව ඡන්ද 145ක් ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එංගලන්තයේ අධ්‍යාපනය ලැබූ පයිටොන්ටායි ෂිනවට්රා 2021 දී පියු තායි පක්ෂයේ සාමාජිකත්වය ලැබූ අතර, පසුගිය වසරේ ඔක්තෝබරයේදි එම පක්ෂයේ නායිකාව ලෙස පත්වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here