Home Sport News Room : ආධුනික කායවර්ධන ශුරතාවලියේදී රොෂාන් නාලකට ලෝකඩ පදක්කමක්

News Room : ආධුනික කායවර්ධන ශුරතාවලියේදී රොෂාන් නාලකට ලෝකඩ පදක්කමක්

0
0

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරිරීක යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් පසුගියදා දෙහිවල එස්.ද එස්.ජයසිංහ ශාලවේ පැවැති ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේ සෙ.මී. 171 න් පහළ (High Octane) ෆිසික්ස් තරග අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට රොෂාන් නාලක කුමාර සමත් විය. මෙරට කායවර්ධන ක්‍රීඩාවෙන් මෙන්ම සවි එසැවීමේ ක්‍රීඩාවෙන් ද කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින 34 හැවිරිදි රොෂාන් නාලක කුමාර ද සිල්වා මේ වසරේදී දිනා ගත් දෙවැනි පදක්කම මෙය වේ. මීට පෙර පැවැති සමස්ත ලංකා බෙන්ච් ප්‍රෙස් තරගාවලියේ කිලෝග්‍රෑම් 66 බර පන්තියේ ජාතික ශූරතාව දිනා ගැනීමට ද රොෂාන් නාලක සමත් විය.

අම්බලන්ගොඩ, කරන්දෙණියෙන් කායවර්ධන හා සවි එසැවීමේ ක්‍රීඩාවට පිවිසි රොෂාන් නාලක ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු කායවර්ධන ශුරතාවලිය සහ මෙරට පැවැත්වීමට නියමිත ක්ලැසික් තරගාවලිය ඉලක්ක කරමින් පුහුණුවීම් කටයුතුවල නිරතවන අතර, සහතිකලත් කායවර්ධන හා යෝග්‍යතා උපදේශකයකු එමෙන්ම පෝෂණ හා ශරීර බර පාලනය පිළිබඳ පුහුණු උපදේශකවරයකු ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here