රට තුළ මෑතකදී ඇති වූ සුළි කුණාටුව, ගංවතුර, නිරන්තරයෙන් සිදුවන බස් රථ අනතුරු සහ වගා පාලු වීම් වැනි සිදුවීම් මගින් රටට විශාල ශාපයක් වැදී ඇති බව පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.
“අද රටේ හැමතැනම විපත්. මේක මහා ශාපයක්. ඉස්සර කැලණි තිස්ස රජ්ජුරුවන්ගේ කාලේ මුහුද ගොඩ ගලද්දී රට බේරගන්න විහාරමහා දේවිය මුහුදට බිලි දුන්නා. අද මේ රටේ තියෙන ශාපය දුරු වෙලා රටට සෙතක් වෙන්න නම්, මේ අග්‍රාමාත්‍යතුමියව කැලණියෙන් නග්ගලා මහා මුහුදට භාර කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ඔහු මෙහිදී පැවසීය.
වත්මන් රජය ජනතාව මුළා කර බලය ලබාගත් බවත්, ඔවුන්ට රට පාලනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් වෙදාරච්චි මහතා චෝදනා කළේය. “මුන්ට රැවටෙන්න එපා. මුන් බොරු කරලා මේ රජය ගත්තේ. මේ ආණ්ඩුව කරන්නේ ‘පාණ්ඩු’ හැදිච්ච මිනිස්සු වගේ පිරිසක්. තමන්ගේ ගෙදර වැඩක්වත් කරගන්න බැරි අයට රටක් පාලනය කරන්න බැහැ” යනුවෙන් ඔහු විවේචනය කළේය.







