Home Sport News Room : වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි

News Room : වනිඳුට සහ නුවන් තුෂාරට ප්‍රධාන තරගාවලියක් අහිමි වෙයි

2
0

කැරිබියානු ප්‍රිමියර් ලීගය (CPL) වෙනුවෙන් ක්‍රීඩාකිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙපළක් වන වනිඳු හසරංග සහ නුවන් තුෂාරට අහිමිවී තිබේ.

මෙවර කැරිබියානු ප්‍රිමියර් ලීගය මේ මස අවසානයේදී ආරම්භවීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනාම St Kitts & Nevis Patriots කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

කෙසේනමුත්, ඉන්දියාවට එරෙහිව අවසන්වූ එක්දින විස්සයි 20 තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාම ආබාධයන්ට ලක් විය.

ඉන් නුවන් තුෂාරට ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් සමස්ත තරගාවලියම අහිමි වූ අතර, හසරංගට එක්දින තරගාවලියේ දෙවැනි හා තෙවැනි තරග අහිමි විය.

ඒ අනුව හසරංග හා තුෂාර වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක දෙපළක් වන Tabraiz Shamsi හා Anrich Nortje කැඳවීමට ශා. කිට්ස් කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here