Home World News Room : ලාඕ­සයේ විදේශ ණය බර ඩොලර් බිලි­ය­න­කට ආස­න්නයි

News Room : ලාඕ­සයේ විදේශ ණය බර ඩොලර් බිලි­ය­න­කට ආස­න්නයි

0
0

දැවැන්ත යටි­තල පහ­සු­කම් ව්‍යාපෘති රැසක් ක්‍රියා­ත්මක වන ලාඕ­සයේ අධික විදේශ ණය බර හේතු­වෙන් දැඩි ආර්ථික අර්බු­ද­ය­කට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ජලාශ ආශ්‍රි­තව වේලි, දුම්රිය ස්ථාන, ජල­වි­දුලි බලා­ගාර, හෝටල සහ නේවා­සික ගොඩ­නැ­ඟිලි සංකීර්ණ ඇතු­ළුව ව්‍යාපෘති රැස­කට චීනයේ දාය­ක­ත්වය ලැබී ඇති අතර, එම ව්‍යාපෘති මෙතෙක් අව­සන් නොකි­රීම හේතු­වෙන් ඒ සඳහා ලබා ගත් විශාල ණය මුද­ලක් ආපසු ගෙවීමේ අභි­යෝ­ග­යට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාවේ නිව්යොක් නුවර මූඩි ආයෝ­ජන සේවාවේ උප­ස­භා­පති අනුෂ්කා ෂා ප්‍රකාශ කර ඇති පරිදි පසු­ගිය 2022 අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 507ක්ව තිබූ විදේශ ණය පසු­ගිය වස­රේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 950ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ලාඕ­සයේ මූල්‍ය හා දේශ­පා­ලන දෙඅං­ශ­යේම අර්බුද උග්‍ර තත්ත්ව­ය­කට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එරට මුදල් ඒක­කය අව­ප්‍ර­මා­ණය වීමත්, උද්ධ­ම­නය ඉහළ යෑමත් හේතු­වෙන් විදේශ ණය ආපසු ගෙවීම තව­දු­ර­ටත් සංකීර්ණ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඉන්දු පැසි­ෆික් සංව­ර්ධන මධ්‍ය­ස්ථා­නය සඳ­හන් කර ඇත්තේ දිගු­කා­ලී­නව පම­ණක් ගෙවිය හැකි ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රමා­ණ­යට වඩා ණය ලබා ගැනී­මෙන් ලාඕ­ස­යට මේ තත්ත්ව­යට මුහුණ පෑමට සිදු වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here