63
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (11) ඩබ්ලින්හිදී ආරම්භ වෙයි.
දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.30ටය.
නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බැවින් මේ තරගාවලියට එක් නොවෙයි. එම නිසා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කඩුලු රකින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා 34 හැවිරිදි අනුෂ්කා සංජීවනීට හිමිව තිබේ. ඇය කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.
ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ තරගාවලියට එක්ව සිටින අතර, කොළඹ අනුලා විදුහල් කඩුලු රකින ක්‍රීඩිකා කෞශානි නුත්‍යාංගනා මේ සංචිතයට අලුතින් එක්ව සිටී. ඇය පසුගිය ජූනි මස සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි හම්බන්තොට පැවති විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කළාය.
ලෝරා ඩෙලනි අයර්ලන්ත පිලට නායකත්වය දෙන අතර, 31 හැවිරිදි ඇය ජාත්‍යන්තර විස්සයි20 තරග 108ක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.
මේ දෙපිල ජාත්‍යන්තර විස්සයි20 පිටියේදී හමුවන්නේ වසර 8කට පසුවය. අවසන් වරට 2016 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී දෙපිල හමුව ඇති අතර, එම තරගය ද සමඟ දෙරට අතර තරග 4කින් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. එක් තරගයක් පන්දුවක් හෝ නොයවා අත්හැර දමා තිබේ.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය – අනුෂ්කා සංජීවනි (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, කෞෂානි නුත්‍යාංගනා.
අයර්ලන්ත කාන්තා විස්සයි20 සංචිතය – ලෝරා ඩෙලනි (නායිකාව), ආවා කැනින්, ක්‍රිස්ටිනා කෝල්ටර් රීලි, ඇලනා ඩල්සෙල්, ඇමී හන්ටර්, ආර්ලීන් කෙලී, ගේබි ලුවිස්, ජේන් මැගියර්, කාරා මරේ, ලී පෝල්, ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට්, උනා රේමන්ඩ්-හෝයි, ෆ්රියා සාජන්ට්, රෙබෙකා ස්ටොකල්.
නිරෝෂාන් ප්‍රියංකර









