Home Sport News Room : රට හරහා දිවීමේ ජය පුෂ්ප­කු­මා­රට හා හේරත්ට

News Room : රට හරහා දිවීමේ ජය පුෂ්ප­කු­මා­රට හා හේරත්ට

3
0

කාන්තා අංශයේ ජය­ග්‍රා­හි­කා­වන්

ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් (රියර් අද්මි­රාල්) මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් දකුණු ආසියා ශූර ලය­නල් සම­ර­ජීව සහ 
ආසි­යානු ශූර කේතන් චන්ද්‍ර­දාස් යන 
මහ­ත්ව­රුන්ට උප­හාර තිළිණ 
ප්‍රදා­නය කළ අව­ස්ථාව

ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් (රියර් අද්මි­රාල්)
මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් දකුණු ආසියා ශූර ලය­නල් සම­ර­ජීව සහ
ආසි­යානු ශූර කේතන් චන්ද්‍ර­දාස් යන
මහ­ත්ව­රුන්ට උප­හාර තිළිණ
ප්‍රදා­නය කළ අව­ස්ථාව

ජාතික ක්‍රීඩා තර­ගා­ව­ලි­යට සම­ගා­මීව පැවති 48 වැනි රට හරහා දිවීමේ පිරිමි තර­ගයේ ජය බස්නා­හිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්ප­කු­මාර දිනා­ගත් අතර කාන්තා අංශයේ ජය­ග්‍ර­හ­ණය මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්. හේරත් දිනා ගත්තාය.

නුව­ර­එ­ළිය ගොල්ෆ් ක්‍රීඩාං­ග­ණය කේන්ද්‍ර­කොට කිලෝ­මී­ටර් 10ක දුරක් පැවති මේ තර­ග­ව­ලට පළාත් නව­යම නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩ­ක­යන් 79ක් හා ක්‍රීඩි­කා­වන් 47ක් සහ­භාගී වූහ. මේ තර­ග­ව­ලින් අන­තු­රුව පැවති ත්‍යාග ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී හිටපු රට හරහා දිවීමේ ශූර­යන් දෙදෙ­නකු වූ දකුණු ආසි­යා­තික පද­ක්ක­ම්ලාභී ලය­නල් සම­ර­ජීව සහ ආසියා රට හරහා දිවීමේ ජය­ග්‍රා­හක කේතන් චන්ද්‍ර­දාස් යන මහ­ත්ව­රුන්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් (රියර් අද්මි­රාල්) මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් උප­හාර තිළිණ ප්‍රදා­නය කිරී­මක් ද සිදු කෙරුණු අතර එම හිටපු ශූර­යන් ඇගැ­යීම බොහෝ දෙන­කුගේ ප්‍රසා­ද­යට හේතු විය.

මේ තර­ග­වල පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා මුදල් ත්‍යාග, සහ­තික හා කුස­ලාන පිරි­නැ­මුණු අතර දහ­වැනි ස්ථානය දක්වා ජය­ග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩ­කා­වන්ට මුදල් ත්‍යාග සහ සහ­තික පත්‍ර හිමි විය.

තරග ප්‍රති­ඵල: පිරිමි – 1. ආර්.එම්.එස්. පුෂ්ප­කු­මාර – බස්නා­හිර පළාත (මිනිත්තු 34.04), 2. වී. විකා­ශන් – මධ්‍යම පළාත (මි. 34.04), 3. ටී.එම්. එරන්ද තෙන්න­කෝන් – ඌව පළාත (මි. 34.38), 4. කේ.එච්.එම්. සරත් කුමාර – ඌව පළාත (මි. 35.24), 5. එම්. ගෝපි නාදන් – ඌව පළාත (මි. 35.28), කාන්තා –

1. එච්.එම්.සී.එස්. හේරත් – මධ්‍යම පළාත (මිනිත්තු 39.30), 2. ඩබ්.ඒ.එම්.ආර්. විජේ­සූ­රිය – නැඟෙ­න­හිර පළාත (මි. 39.32), 3. ඩබ්.එම්. නිමේෂා නිද­ර්ශනී – ඌව පළාත (මි. 39.50), 4. එම්.එස්.පී.එම්. පෙරේරා – බස්නා­හිර පළාත (මි. 40. 29), 5. ඒ.එල්.එන්. ආරි­ය­දාස – සබ­ර­ග­මුව (මි. 40. 49)

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here