Home World News Room : පුටින්ට අතිවිශිෂ්ට ජයක් – තවත් වසර 06කට රුසියාවේ බලය...

News Room : පුටින්ට අතිවිශිෂ්ට ජයක් – තවත් වසර 06කට රුසියාවේ බලය පුටින්ට

2
0

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත.

රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ.

ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ.

රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වන අතර ඔහු ජනාධිපතිවරයා ලෙස මෙවර පත්වන්නේ පස්වැනි වරටය.

පුටින් මොස්කව්හි ජයග්‍රාහී කථාවකදී ආධාරකරුවන්ට පවසා ඇත්තේ රුසියාවේ යුක්‍රේන මෙහෙයුම “විශේෂ මිලිටරි මෙහෙයුම” ලෙස හදුන්වමින් එයට සම්බන්ධ කාර්යයන් විසඳීමට ප්‍රමුඛත්වය දෙන බවත් රුසියානු හමුදාව ශක්තිමත් කරන බවත් ය.

පුටින් වාර්තාකරුවන්ට පැවසුවේ රුසියාවේ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ලෙස තමා සලකන බවත්, නවාල්නිගේ
අභාවයෙන් ඔහුට එරෙහිව පැන නැගුණු විරෝධතා මැතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් නොකළ බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here