Home World News Room : මෙල්බන් නුවර සර්පයන් අල්ලන්නාගේ දියණියගෙන් ප්‍රකාශයක්

News Room : මෙල්බන් නුවර සර්පයන් අල්ලන්නාගේ දියණියගෙන් ප්‍රකාශයක්

1
0

මාරාන්තික සර්ප දෂ්ඨනයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණු මෙල්බන් නුවර සර්පයන් අල්ලන්නා නොහොත් ස්නේක් හන්ටර් ලෙසට හැඳින්වෙන මාර්ක් පෙලී මේවන විට සුවය ලබමින් සිටින බවට වාර්තා වේ.

සර්ප දෂ්ඨනයෙන් පසු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් සමඟ සටන් කරමින් ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට ඉන් ඉවත් කර වෙනත් වාට්ටුවකටට ඇතුලත් කර ඇති අතර සුවවීමේ සලකුණු පෙන්වමින් සිටින බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

සර්ප දඩයක්කාරයා නොහොත් ස්නේක් හන්ටර් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන මාර්ක් පෙලී පසුගිය සතියේ සර්පයෙකු ඇල්ලීමට යාමේදී උපකරණ කැඩී යාමෙන් එම සර්පයා ඔහුගේ අත සපා කා තිබුණි.

රෝහලට ගෙන ගොස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය සීඝ්‍රයෙන් දුර්වල වී රක්තපාත තත්ත්වයට පත්වූ බව සඳහන්ය.

තම පියා මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ඉවත් කර ඇති අතර ඔහු සුව වීමේ ලකුණු පෙන්වමින් සිටින බව දියණිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය වසර 14කට පසු තම පියාට සිදු වූ බරපතල සර්ප දෂ්ඨනය බව ද ඇය සඳහන් කළේය.

මාර්ක් පෙලී මෙල්බර්න් නුවර පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ නේවාසික ප්‍රදේශවලින් විෂ සහිත සර්පයන් ඉවත් කර ආරක්ෂිතව වෙනත් ස්ථාන වෙත රැගෙන ගොස් දැමීම සඳහායි.

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාර්තා අනුව පෙලීට දෂ්ට කළ සර්පයන් හේතුවෙන් අංශභාගය, රුධිරය කැටි නොගැසීම, මාංශ පේශිවලට හානි මෙන්ම වකුගඩු අකර්මණ්‍ය වීමට ද හේතු විය හැකි බව සඳහන්ය.

මූලාශ්‍ර – Ausලංකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here