18
චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ සුළුතර ප්‍රජාවගේ ශ්‍රමය සූරා කෑමේ ක්‍රමවේදයට අනුව සිදු කරනු ලබන නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවල් තුළ තහනම් කිරීමට යුරෝපා සංගම් පාර්ලිමේන්තුව සහ කවුන්සිලය එකඟතාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි නිෂ්පාදනය සපයනු ලබන චින සමාගම් හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ නිෂ්පාදන යුරෝපා සංගමයේ සාමාජික රටවල අලෙවිය තහනම් කිරීමට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
යුරෝපා හවුලේ වත්මන් සභාපතිත්වය දරන බෙල්ජියමේ ආර්ථික හා කම්කරු ඇමැති පියර් වයිවිස් ඩර්මජේන් ප්‍රකාශ කර ඇත්තේ මෙම එකඟතාවට අනුව ඔවුන් සිය නිෂ්පාදන කටයුතු යුරෝපයේ හෝ වෙනත් විදේශ රටක සිදු කළ ද, එම නිෂ්පාදන සඳහා යුරෝපා හවුලේ කිසිදු සාමාජික රටක් තුළ අලෙවි කිරිම වැළැක්වීමට වගබලා ගතයුතු බවය.
ශ්‍රමය සූරා කෑම මඟින් නිෂ්පාදනයන් කිරීම තහනම් කරමින් නව රෙගුලාසියක් සකස් කිරීමට යුරෝපා සංගමයේ නියෝජිතයන් එකඟවීම හේතුවෙන් චීනයට ගෝලීය මට්ටමේ දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.






