Home World News Room : ශ්‍රමය සූරා කෑමෙන් සිදු කරන නිෂ්පා­දන තහ­න­මට යුරෝපා සංග­ම­යෙන්...

News Room : ශ්‍රමය සූරා කෑමෙන් සිදු කරන නිෂ්පා­දන තහ­න­මට යුරෝපා සංග­ම­යෙන් නීති

0
0

චීනයේ ෂින්ජියැං ප්‍රාන්තයේ සුළු­තර ප්‍රජා­වගේ ශ්‍රමය සූරා කෑමේ ක්‍රම­වේ­ද­යට අනුව සිදු කරනු ලබන නිෂ්පා­දන යුරෝපා සංග­මයේ රට­වල් තුළ තහ­නම් කිරී­මට යුරෝපා සංගම් පාර්ලි­මේ­න්තුව සහ කවු­න්සි­ලය එක­ඟ­තා­වට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එවැනි නිෂ්පා­ද­නය සප­යනු ලබන චින සමා­ගම් හඳුනා ගැනී­මට සහ ඔවුන්ගේ නිෂ්පා­දන යුරෝපා සංග­මයේ සාමා­ජික රට­වල අලෙ­විය තහ­නම් කිරී­මට කට­යුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

යුරෝපා හවුලේ වත්මන් සභා­ප­ති­ත්වය දරන බෙල්ජි­යමේ ආර්ථික හා කම්කරු ඇමැති පියර් වයි­විස් ඩර්ම­ජේන් ප්‍රකාශ කර ඇත්තේ මෙම එක­ඟ­තා­වට අනුව ඔවුන් සිය නිෂ්පා­දන කට­යුතු යුරෝ­පයේ හෝ වෙනත් විදේශ රටක සිදු කළ ද, එම නිෂ්පා­දන සඳහා යුරෝපා හවුලේ කිසිදු සාමා­ජික රටක් තුළ අලෙවි කිරිම වැළැ­ක්වී­මට වග­බලා ගතයුතු බවය.

ශ්‍රමය සූරා කෑම මඟින් නිෂ්පා­ද­න­යන් කිරීම තහ­නම් කර­මින් නව රෙගු­ලා­සි­යක් සකස් කිරී­මට යුරෝපා සංග­මයේ නියෝ­ජි­ත­යන් එක­ඟ­වීම හේතු­වෙන් චීන­යට ගෝලීය මට්ටමේ දැඩි දුෂ්ක­රතා රැස­කට මුහුණ පෑමට සිදු­වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here