Home World News Room : වියානා නුවර චීන තානා­පති කාර්යා­ලය අසල ටිබෙට් විරෝ­ධතා

News Room : වියානා නුවර චීන තානා­පති කාර්යා­ලය අසල ටිබෙට් විරෝ­ධතා

0
0

චීනය විසින් ටිබෙට් දේශය ස්වයං පාලන කලා­ප­යක් ලෙස නම් කර­මින් සිදු කරනු ලබන බව කියන විවිධ හිංසා පීඩ­න­ව­ලට එරෙ­හිව පසු­ගි­යදා ඔස්ට්‍රි­යාවේ වියානා නුවර චීන තානා­පති කාර්යා­ලය අසල විරෝ­ධ­තා­වක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ විරෝ­ධ­තාව සඳහා ඔස්ට්‍රි­යාවේ සිටින ටිබෙට් ජාති­ක­යන් විශාල පිරි­සක් සහ­භාගි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ටිබෙට් ජාති­ක­යන් එරට ජාතික ධජය සහ චීන විරෝධී පෝස්ටර් රැගෙන මේ විරෝ­ධ­තා­වට සහා­භාගි වී ඇති අතර, චීනය ටිබෙට් දේශ­යෙන් ඉවත් විය යුතු බවත්, නිද­හස් ටිබෙට් රාජ්‍ය­යක් උදෙසා සටන් කළ යුතු බවත් ප්‍රකාශ කර­මින් උද්ඝෝ­ෂ­ණය කළ බව ද වාර්තා වේ. ටිබෙට් ජාතික ළමුන් බල­හ­ත්කා­ර­යෙන් නේවා­සික පාසල් වෙත රැගෙන යෑමේ චීන ක්‍රියා­කා­ර­කම් හෙළා දකි­මින් එරට නව ඔස්ට්‍රි­යානු සහ ලිබ­රල් සමු­ළුව දේශ­පා­ලන නියෝ­ජි­ත­යන් ඔස්ට්‍රි­යානු පාර්ලි­මේ­න්තු­වට යෝජ­නා­වක් ද ඉදි­රි­පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here