Home World News Room : ලිබි­යානු සංක්‍ර­ම­ණි­කයෝ 60ක් මධ්‍ය­ධ­රණී මුහු­දේදී මරුට

News Room : ලිබි­යානු සංක්‍ර­ම­ණි­කයෝ 60ක් මධ්‍ය­ධ­රණී මුහු­දේදී මරුට

2
0

මධ්‍ය­ධ­රණී මුහු­දේදි ඩිංගි යාත්‍රා­වක් අන­තු­රට ලක් වීමෙන් එහි සිටි සංක්‍ර­ම­ණි­ක­යන් 60 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලිබි­යානු වෙරළ තීරයේ සිට යාත්‍රා කළ බව කියන එම ඩිංගි යාත්‍රාවේ ලිබි­යානු සංක්‍ර­ම­ණි­ක­යන් 85 දෙනකු සිටි බවත්, සෙසු පුද්ග­ල­යන් 25 දෙනා මුහුදු අන­තුරු වළක්වා ගැනීමේ ‘ඕෂන් වයිකිං‘ නමැති නෞකා­වක ආපදා මෙහෙ­යුම් කණ්ඩා­ය­මක් විසින් බේරා ගනු ලැබූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

ඩිංගි යාත්‍රාවේ එංජිම ක්‍රියා විර­හිත වීම හේතු­වෙන් දින තුනක කාල­යක් ආහාර සහ ජලය නොමැ­තිව මධ්‍ය­ධ­රණී මුහුදේ පාවෙ­මින් සිටි බව දිවි බේරා­ගත් පුද්ග­ල­යන් ප්‍රකාශ කර තිබේ. මිය ගිය අය අතර කාන්තා­වන් සහ කුඩා දරු­වන් සිටින බව දිවි බේරා­ගත් පුද්ග­ල­යන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආපදා සේවා කණ්ඩා­යම විසින් බේරා ගනු ලැබූ පුද්ග­ල­යන්ගේ සෞඛ්‍ය තත්ත්වය අය­හ­පත් බවත්, ඔවුන් සිය­ලු­දෙ­නාම වෛද්‍ය ප්‍රති­කාර ලබ­මින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. සිහි­සුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දෙදෙ­නකු වැඩි­දුර ප්‍රති­කාර සඳහා සිසි­ලියා දූපත වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

The post ලිබි­යානු සංක්‍ර­ම­ණි­කයෝ 60ක් මධ්‍ය­ධ­රණී මුහු­දේදී මරුට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here