Home World News Room : රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්

News Room : රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල ප්‍රහා­ර­යක්

0
0

යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී වෙළෙඳ නෞකා­ව­කට එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇතැයි සමුද්‍ර ආර­ක්ෂක නිරී­ක්ෂ­ක­යන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩ­ල­යට කිසිදු අන­තු­රක් සිදු නොවීම හේතු­වෙන් නෞකාව අඛ­ණ්ඩව යාත්‍රා කළ බව ද වාර්තා වේ.

ඊශ්‍රා­ය­ල­යට සම්බන්ධ කිසිදු නෞකා­ව­කට ඉන්දීය සාග­රය හරහා යාත්‍රා කිරී­මට ඉඩ නොත­බන බව හවුති කැර­ලි­ක­රු­වන් ප්‍රකාශ කර ඇති අතර, ඉදි­රි­යේදී තව­දු­ර­ටත් එම ප්‍රහාර පුළුල් කරන බවට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

මේ මස මුල් භාග­යේදී හවුති කැර­ලි­ක­රු­වන්ගේ මිස­යිල ප්‍රහා­ර­ය­කින් ඒඩ්න් මුහුදු තීර­යේදි වෙළෙඳ නෞකා­වක් ගිනි­බත් වූ අතර, කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වී තිබිණි. කාර්ය මණ්ඩ­ලයේ සෙසු සාමා­ජි­ක­යන් දිවි බේරා ගනු ලැබුවේ නෞකාව අත­හැර පලා යෑමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here