16
මිනිස් ජීවිතයට තර්ජනයක් විය හැකි දරුණු සුනඛයන් වර්ග 25ක් ඇති දැඩි කිරිම තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාව පුරා දිනෙන් දින ඉහළ යන ආක්‍රමණශීලී සුනඛයන්ගේ සපා කෑම් සැලකිල්ලට ගනිමින් මේ තහනම පනවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. විශේෂඥ නිර්දේශ යටතේ එම තහනම පැනැවීමට කටයුතු කර ඇති අතර, දැනට එම තහනමට පනවා ඇති සුනඛ වර්ග ඇති දැඩි කරන හිමිකරුවන්ට දැඩි කොන්දේසි පැනැවීමට ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
පිට්බුල්, රොට්වයලර්, ටෙරියර් ඇතුළු සුනඛ වර්ග 25ක් ඒ අතරට ඇතුළත් වන බවත්, එම තහනම පසුගිය 12 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති සුනඛ වර්ග ආනයනය කිරීම, අලෙවි කිරීම සහ අභිජනනය කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.






