Home World News Room : මගීන් 153 දෙනකු රැගත් ඉන්දුනීසියාවේ ගුවන් යානයක නියමුවන් දෙදෙනාම...

News Room : මගීන් 153 දෙනකු රැගත් ඉන්දුනීසියාවේ ගුවන් යානයක නියමුවන් දෙදෙනාම නින්දට වැටිලා

0
0

මිනිත්තු 28ක් පාලනයෙන් තොරව පියාසර කරයි

ඉන්දුනීසියාවේ දේශීය ගුවන්යානයක නියමුවන් දෙදෙනාම නින්දට වැටීමෙන් මිනිත්තු 28ක කාලයක් එම ගුවන්යානය පාලනයෙන් තොරව පියාසර කිරීම සම්බන්ධව අදාළ ගුවන්සේවා සමාගම පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පරික්ෂණය අවසන් වනතුරු නියමුවන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි ද වාර්තා වේ.

එම සිදුවීමට මුල් වී ඇත්තේ ඉන්දුනීසියාවේ සුලවෙසි නුවර සිට ජකර්තා අගනුවර බලා මගීන් 153 දෙනකු රැගෙන පියාසර කළ බාටික් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක නියමුවන් වන අතර, ඔවුන් දෙදෙනාම නින්දට වැටීමෙන් ගුවන් යානය නියමිත ගුවන් ගමන් මාර්ගයෙන් පිටතට පියාසර කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මිනිත්තු 28 ක කාලයකින් පසු නැවත අදාළ ගුවන් යානය නියමිත ගුවන් ගමන් මාර්ගයට ප්‍රවේශවී ඇතැයි ද වාර්තා වේ. එම මිනිත්තු 28ක කාලය තුළ ගුවන් ගමන් පාලන මැදිරිය අවස්ථා ගණනාවකදීම නියමුවන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

සිය අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනාගේ වැඩ කටයුතු හේතුවෙන් දැඩි වෙහෙසට පත්වීම නිසා ගුවන්ගත වීමෙන් මොහොතකට පසු යානයේ පාලනය සහාය නියමුවාට පවරා කෙටි නින්දකට වැටුණු බව මූලික පරීක්ෂණයේදී ප්‍රධාන ගුවන් නියමුවා ප්‍රකාශ කර තිබේ. එහෙත් එම කාලය තුළ සහාය ගුවන් නියමුවා ද නින්දට වැටී ඇතැයි පසුව අනාවරණය වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here