Home World News Room : ඩුබායි නුවර ගංවතුරෙන් යට වෙයි

News Room : ඩුබායි නුවර ගංවතුරෙන් යට වෙයි

0
0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ගංවතුරෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩුබායි ඇතුළු මැදපෙරදිගට වර්ෂාව සහ ගංවතුර ඉතා දුර්ලභ සිදුවීම් බැවින් ඩුබායි ගංවතුරට ජාත්‍යන්තර අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ. එම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ පසුගිය සති අන්තයේදී එමිරේට්ස් රාජ්‍යයේ ප්‍රාන්ත කිහිපයකට ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බවත්, ඩුබායි නුවර වැසියන්ට නිවාසවලින් පිටතට නොයන ලෙස උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා අඛණ්ඩව පැය 6ක කාලයක් වර්ෂාව ඇද හැලීමෙන් ඩුබායි නුවර නිවාස, ගොඩනැඟිලි සහ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි ද, මෝටර් රථ විශාල ප්‍රමාණයක් ද ගංවතුරට හසු වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here