Home Sport News Room : ශ්‍රි ලංකා ක්‍රිකට් පිළට විශිෂ්ට ජයක්

News Room : ශ්‍රි ලංකා ක්‍රිකට් පිළට විශිෂ්ට ජයක්

2
0

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති අවසන් T20 තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් සහ දසුන් ශානක ලකුණු 19ක් රැස් කළහ.

ඒ අනුව ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළේ ලකුණු 146ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වාර්තා අතරට එක් වීමට නුවන් තුෂාර සමත් විය.

 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 2 – 1ක් ලෙස ජයග්‍රහණය කළහ .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here