12
අවුරුදු 19න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විදුහලේ රවිශාන් නෙත්සර සමත් විය.
තවත් තරගයකදී කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ නායක තිසර ඒකනායක මෙවර තරගවාරයේ තම තෙවැනි ශතකය වාර්තා කළ අතර, ජනිත් රත්නසිරි (සා. අන්තෝනි) සහ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු සාන්ත පීතර නායක විශේන් හැළඹගේ යන ක්‍රීඩකයෝ ද ශතක රැස් කළහ. ගාල්ල මහින්ද විදුහල මෙවර තරග වාරයේ 4 වැනි ජයග්‍රහණය වාර්තා කළ අතර, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල මෙම තරගවලදී ජය වාර්තා කිරීමට සමත් විය.
පී. ද එස්. කුලරත්නයට ඉනිමක ජයක්
පී. ද එස්. කුලරත්න පළමු ඉනිම – 335 (ඕවර 54.1) රවිශාන් නෙත්සර 200, දමික පුෂ්පලාල් 64, ධනුෂ්ක මධුසංක 48 (සඳරුවන් නවරත්න 48/3, කවිජ ගමගේ 96/3, යෙසත් අබේකෝන් 49/2, ඩිල්ෂාන් වීරවංශ 54/2)
කිංග්ස්වුඩ් පළමු ඉනිම – 91 (ඕවර 27.4) නිකේෂල නානායක්කාර 46, කවිජ ගමගේ 21 (නවිඳු සසින්ත 30/4, රවිශාන් නෙත්සර 14/3, ධනුෂ්ක මධුසංක 14/2) සහ දෙවැනි ඉනිම – 114 (ඕවර 40.5) නිකේෂල නානායක්කාර 43, කවිජ ගමගේ 35 (ඉනුක ද සිල්වා 30/4, ශකිල හංසක 30/2)
ගාල්ල මහින්දයට ඉනිමක සහ ලකුණු 152ක ජයක්
මහින්ද පළමු ඉනිම – 335/6 (ඕවර 58.5) දෙනෙත් කෞශල්‍ය 71, හරීන් අචින්ත නොදැවී 55, සෙනුක දංගමුව නොදැවී 53, තරුෂ ඩිල්ෂාන් 44, දිනුර කළුපහන 44, දුල්සිත් දර්ශන 31, ප්‍රමේෂ් මධුභාෂණ 22 (අනුහස් අල්දෙණිය 42/2)
පන්නිපිටිය ධර්මපාල පළමු ඉනිම – 112 (ඕවර 31.1) ප්‍රවීන් රන්හිරු 57 (කවීන් රුක්ෂාන් 27/5, සදෙව් නෙත්මිණ 39/4) සහ දෙවැනි ඉනිම – 71 (ඕවර 23) (දිනුර කළුපහන 36/5, කවීන් රුක්ෂාන් 10/3)
සා. පීතර- සා.අන්තෝනි තරගය ජය පැරදුමෙන් තොරයි
සා. පීතර පළමු ඉනිම – 233 (ඕවර 69.3) රුසඳ ගමගේ 66, අසදිස ද සිල්වා 63, ෂැනොන් රොද්‍රිගෝ 44, නේතන් ඩේවිඩ් 28 (කෙවින් රමික 29/4, තිසර ඒකනායක 54/2) සහ දෙවැනි ඉනිම – 204/4 (ඕවර 42) විශේන් හැළඹගේ 116, ෂැනොන් රොද්‍රිගෝ නොදැවී 36, රුසඳ ගමගේ 35, අසදිස ද සිල්වා 32, ඔවීන් සල්ගාදු 30
සා. අන්තෝනි පළමු ඉනිම – 354/6 (ඕවර 84) තිසර ඒකනායක 140, ජනිත් රත්නසිරි 140, කෞශික කුමාරසිංහ 43 (ෂැනොන් රොද්‍රිගෝ 80/4)
ඉෂාණි යද්දෙහි








