Home World News Room : තහනම් ගහේ ගෙඩි වවාගෙන කෑ පේරූ අගමැති ගෙදර

News Room : තහනම් ගහේ ගෙඩි වවාගෙන කෑ පේරූ අගමැති ගෙදර

3
0

සිය බලය භාවිත කර කාන්තාවකට රජයේ විවිධ කොන්ත්‍රාත්තු ලබා දුන්නේ යැයි චෝදනා එල්ල වූ පේරු රාජ්‍යයේ අගමැති ඇල්බර්ටෝ ඔටාරොලා ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම සිදු වූයේ පසුගියදා එරට රූපවාහිනී නාළිකාවක් අගමැතිවරයාගේ සහ අදාළ කාන්තාවගේ යැයි කියන හඬ පටයක් විකාශය කිරීමෙන් පසුව බව ද වාර්තා වේ. 57 හැවිරිදි අගමැතිවරයා සහ 25 හැවිරිදි යසීර් පිනේඩෝ නමැති කාන්තාව අතර අනියම් සම්බන්ධතාවක් ඇතැයි ද, පෙම්වතිය වෙනුවෙන් ඔහු පේරු ආරක්ෂක අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්තු ලබා දී ඩොලර් 14,000ක් උපයා ගැනීමට අවස්ථාව සලසා දී ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ.

එම කොන්ත්‍රාත්තු ලබා දී ඇත්තේ ඔහු මීට පෙර එරට ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී බවත්, අගමැතිවරයා සමඟ කෙටිකාලීන සම්බන්ධතාවක් තිබූ බව ඇය පිළිගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තමා ඇයට ආදරය කරන බවත්, ඇගේ ජීවදත්ත පත්‍රිකාවක් තමා වෙත එවන ලෙසත් අගමැතිවරයා සහ අදාළ කාන්තාව අතර සිදු වූ බව කියන සංවාදයේදී ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. විවාහකයකු වන අගමැතිවරයා දරුවන් පස්දෙනකුගේ පියකු බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here