Home World News Room : අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි –...

News Room : අධිගුණාත්මක සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කළ යුතුයි – චීන ජනපති කියයි

3
0

අධිගුණාත්මක භාවයෙන් යුතු සංවර්ධනය‍ කෙරෙහි ඉහළ අවධානය යොමු කරමින් ඵලදායීතාව සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි.

ඔහු මේ බව කියාසිටියේ, 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරයට එක්ව සිටින ජ්‍යංසු පළාතේ නියෝජිත කණ්ඩායම සමග ඊයේ (5) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ය.

විද්‍යා හා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණයට මනාව මුහුණ දෙමින් නව කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බවත්, ප්‍රමුඛ පෙළේ කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එසේම නව බලශක්ති භාවිතය ද පුළුල් කළ යුතු ය. නව තාක්ෂණය යොදාගෙන සාම්ප්‍රදායික කර්මාන්ත වැඩිදියුණු කරමින් ඒවා බුද්ධිමය හා හරිත කර්මාන්ත ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here