Home World News Room : විදේශීය මැදිහත්වීම් පනත යටතේ පළමුවරට ඔස්ට්‍රේලියානු ජාතිකයකුට සිර දඬුවම්

News Room : විදේශීය මැදිහත්වීම් පනත යටතේ පළමුවරට ඔස්ට්‍රේලියානු ජාතිකයකුට සිර දඬුවම්

0
0

විදේශීය මැදිහත්වීම් සම්බන්ධ නීතිය යටතේ පළමුවරට ඔස්ට්‍රේලියානු අධිකරණයකින් පුද්ගලයකුට වසර දෙකක් සහ මාස 9ක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සනී ඩොං නමැති මේ පුද්ගලයා වියට්නාම සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන අතර, ඔහු 2020දී චීනයට වාසිදායක පසුබිමක් ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඇමැතිවරයකුට බලපෑම් කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

වසර 2018 දී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව සම්මත කරගත් විදේශීය බලපෑම් සම්බන්ධ පනත යටතේ දඬුවම් ලැබූ පළමු පුද්ගලයා වන අතර, එම පනත යටතේ අවුරුදු 10 දක්වා සිර දඬුවම් නියම කිරීමේ හැකියාව ඇතැයි ද වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණ විනිසුරු රිචඩ් මේඩ්මන්ට් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ විදේශීය බලපෑම් ශූන්‍ය කිරීම ජාතික ආරක්ෂාවට අතිශය වැදගත් කාර්යභාරයක් බවය. පෙර නොවූ විරූ අයුරින් ඔස්ට්‍රේලියානුවන් විදේශීය බලපෑම් සහ කුමන්ත්‍රණවල ඉලක්ක බවට පත් වී ඇතැයි මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කර ඇති එරට ආරක්ෂක බුද්ධි සංවිධානයේ ප්‍රධානි මයික් බර්ගෙස් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here