Home Sport News Room : පෙබරවාරි මාසයේ ලොව හොඳම ක්‍රීඩකයන් අතරට ගිය පැතුම්

News Room : පෙබරවාරි මාසයේ ලොව හොඳම ක්‍රීඩකයන් අතරට ගිය පැතුම්

2
0

පෙබරවාරි මාසයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක කෙටි ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, නවසීලන්තයේ කේන් විලියම්සන් සහ ඉන්දියාවේ යශිෂ්වි ජෙයිශ්වාල් ඇතුළත් කර තිබෙයි

එම ක්‍රීඩකයන් පසුගිය තරගවල දී පෙන්නුම් කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම ඉදිරිපත් කිරීම සිදු කර තිබෙයි.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට කේන් විලියම්ස්ගේ ඉනිම් ඉවහල් වුණු අතර දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු ශතක දෙකක් රැස්කරගැනීමටයි සමත් විය.

එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක දී යශිෂ්වි ජෙයිශ්වාල් ද්වීත්ව ශතක රැස්කරගත් අතර පෙබරවාරි මාසයේ දී ජෙයිශ්වාල් ටෙස්ට් ලකුණු 560ක් ලබා‌ගෙන ඇත්තේ, 112ක සාමාන්‍ය අගයක් රඳවා ගනිමිනි.

ඇෆ්ගනිස්ථානයට එරෙහි පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පැතුම් නිස්සංක නොදැවි ලකුණු 210ක් ලබාගත් අතරඉඑහි දී ඔහු බිඳ දමනු ලැබූවේ සනත් ජයසූරිය විසින් 24කට පෙර පිහිට වූ වාර්තාවයි.

ජයසූරිය 2000 වසරේ දී ඉන්දියාවට එරෙහි ලකුණු 189ක් ලබාගෙන සිටියේය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here