Home World News Room : කමලා හැරිස් ගාසා තීරයේ වහාම ‘සටන් විරාමයක්‘ ඉල්ලයි

News Room : කමලා හැරිස් ගාසා තීරයේ වහාම ‘සටන් විරාමයක්‘ ඉල්ලයි

1
0

ගාසා තීරයේ “වහාම සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කල යුතු බව අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් පවසයි.

ඊශ්‍රායලය විවේචනයට ලක් කරමින් ඇය මේ බව කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයට ලැබෙන ආධාර වැඩි කළ යුතු බවද කමලා හැරිස් ප්‍රකාශ කළාය.

ගාසා තීරයේ මිනිසුන් විඳින දුක සැලකිල්ලට ගෙන හෝ, අවම වශයෙන් ඉදිරි සති හය සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බව ඇය ඊයේ මාධ්‍යයට කියා සිටියාය.

ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙතෙක් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රබලම විවේචනය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නව දේශසීමා හරස් මාර්ග විවෘත කිරීමත්, “අනවශ්‍ය සීමාවන්” පැනවීම අවශ්‍ය නොවන බවත්, ආධාර බෙදා හැරීමට ඉඩ දීමට ඊශ්‍රායලය මීට වඩා වැඩි කාර්යයක් කළ යුතු බවත් කමලා හැරිස් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිදහසට කරුණක් නොමැති බවද ඇය සඳහන් කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here