Home Sport News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට

News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශයට

3
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු ඇතු­ළත්ව ඇති අතර ඒ අනුව ඔවුන් අද මෙරටින් පිටත්ව යන කණ්ඩායමට ඇතුළත් වෙති.

මේ කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන අතර ඔහුට ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගාවලියෙන් අනතුරුව තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි මුල් තරග දෙකේදී උපනායක චරිත් අසලංක වැඩ බලන නාය­කයා ලෙස කට­යුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

නිමා වූ ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හැර සෙසු ක්‍රීඩකයන් 15 දෙනා මේ සංචාරයට නම් කර ඇති අතර ඊට අමතරව විස්සයි20 තරගාවලිය වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ආර­ම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කැඳ­වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව කටයුතු කර තිබේ.

වැන්ඩර්සේ විස්සයි20 තරගාවලියකට කැඳවා ඇත්තේ වසර 2කට පසුව වන අතර අවිශ්කට වසරකට පසු විස්සයි20ට අව­ස්ථා­වක් හිමිව තිබීම විශේෂත්වයකි.

2022 වසරේ පෙබ­ර­වාරි මස ඉන්දියාවට එරෙ­හිව අව­සන් විස්සයි20 තරගයකට එක් වූ වැන්ඩර්සේ තරග 14කදී දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7කි.

නායක වනි­ඳුට මුල් තරග දෙක අහිමි වීම හේතු­වෙන් වැන්ඩ­ර්සේට ඒ සඳහා ක්‍රිඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් මේ තරගාවලිය අහිමිවීම නිසා ඔහු වෙනුවට අවිශ්ක කැඳවා තිබේ.

ඔහු මෙලෙස විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසරකට පසු­වය.

අවිශ්ක අව­සන් වරට පසු­ගිය වසරේ ජන­වාරි මස ඉන්දි­යා­වට එරෙ­හිව විස්සයි20 තර­ගා­ව­ලි­ය­කට එක් විය. විස්සයි20 තරග 33කට ක්‍රීඩා කර ඇති අවිශ්ක ලකුණු 337ක් රැස් කර ඇත.

ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේදී පූර්ණ තරග සංචා­ර­ය­කට එක්වන අතර එහිදී විස්සයි20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතු­ළත්ව තිබේ.

දෙරට අතර විස්සයි20 තරගාවලිය මේ 4 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මාර්තු 6 සහ 9 දිනවල සිල්හෙට්හිදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචි­තය – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප­නා­යක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවි­ක්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුෂංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here