21
බන්ධනාගාරයකදී මිය ගිය බව කියන රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මළ සිරුර දින අටකට පසු ඔහුගේ මවට බාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 47 හැවිරිදි නවාල්නි වසර 19ක සිර දඬුවම් විඳිමින් සිටි අතර, ඔහු හදිසියේ හටගත් හෘදයාබාධයකින් මිය ගිය බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
නවාල්නිගේ මළ සිරුර ඔහුගේ මව ලුඩ්මිලා නවාල්නියාට බාර දී ඇත්තේ රහසිගතව අවසන් කටයුතු සිදු කිරීමේ කොන්දේසිය යටතේ බවත්, එසේ නොවන්නේ නම් බන්ධනාගාරය තුළ ඔහුගේ සිරුර මිහිදන් කරන බවත් බන්ධනාගාර නිලධාරීන් මවට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.






