Home World News Room : ස්පාඤ්ඤයේ නිවාස සංකී­ර්ණ­යක් ගින්නෙන් දැවේ

News Room : ස්පාඤ්ඤයේ නිවාස සංකී­ර්ණ­යක් ගින්නෙන් දැවේ

2
0

ස්පාඤ්ඤයේ වැලෙ­න්සියා නුවර නිවාස සංකී­ර්ණ­යක පෙරේදා හට­ගත් ගින්නෙන් පුද්ග­ල­යන් සිවුදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇති අතර, තවත් පුද්ග­ල­යන් 20ක් පමණ අතු­රු­දන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතු­රු­දන් වූ බව කියන පුද්ග­ල­යන් ගින්නට හසු­ව­න්නට ඇතැයි ගිනි නිවන ඒක­කය අනු­මාන කර ඇතැයි ද වාර්තා වේ. අතු­රු­දන්වූ පිරිස අතර 3 හැවි­රිදි දරු­වකු සහ දින 15ක් වය­සැති බිලි­ඳකු සිටින බව ද වාර්තා වේ. පිලි­ස්සුම් තුවාල ලැබූ තවත් පුද්ග­ල­යන් 14 දෙනකු මුදා ගැනී­මෙන් පසු රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

වැලෙ­න්සියා නුවර හදිසි ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කයේ ප්‍රධා­නියා මාධ්‍ය­යට සඳ­හන් කර ඇත්තේ ගින්න පාල­නය කිරී­මට ගිනි නිවන ඒක­ක­යට දැඩි වෙහෙ­සක් දැරී­මට සිදු වූ බවය. නිවාස සංකී­ර්ණයේ පදිං­චි­ක­රු­වන් මුදා ගැනී­මට ආරම්භ කළ මෙහෙ­යුම අත­ර­තුර

නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු ද තුවාල ලැබූ බව වාර්තා වේ.

මහල් 14කින් සම­න්විත එම නිවාස සංකී­ර්ණය ගින්නෙන් සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වී ඇති අතර, ගිනි ජලා­වෙන් නැඟුණු දුමා­රය වැලෙ­න්සියා නුවර ඉහළ අහස අඳුරු කර දැමූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here