Home World News Room : පාකි­ස්තා­නයේ මැති­ව­ර­ණය අවුල්සහ­ග­තයි – දිනමිණ

News Room : පාකි­ස්තා­නයේ මැති­ව­ර­ණය අවුල්සහ­ග­තයි – දිනමිණ

1
0

පාකි­ස්තා­නයේ පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණය අවු­ල්ස­හ­ගත බව එරට හිටපු අග­මැ­ති­ව­ර­යකු වන ෂාහිඩ් අබ්බාසි ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ බලය අත්පත් කර­ගැ­නී­මට පව­තින දේශ­පා­ලන ගැටුම ජන­තා­ව­ටත් රට­ටත් හානි­දා­යක බව ද හිටපු අග­මැ­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පව­තින තත්ත්වය යටතේ බල­යට පත්වන ඕනෑම අය­කුට ජාතික අභි­යෝග විස­ඳී­මට හැකි­යා­වක් නැතැයි ද, මැති­ව­ර­ණය අවුල්සහ­ගත වනු ඇතැයි තමා මීට පෙර අනා­වැකි පළ කළ බව ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

මෙවැනි පසු­බි­මක් මත මෙවර මහ­මැ­ති­ව­ර­ණ­යට තරග නොකි­රී­මට තීර­ණය කිරීම ගැන සෑහී­ම­කට පත් බවත් තමා දේශ­පා­ල­න­යෙන් ඉවත්වූ බව ඉන් අද­හස් නොක­රන බවත් හිටපු අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ වන­විට මැති­ව­රණ උණු­සුම පහව ගොස් ඇති බැවින් රටේ අනා­ග­තය උදෙසා නව රජ­යක් පිහි­ටු­වී­මට කඩි­නම් පිය­වර ගත යුතු බවත් හිටපු අග­මැති අබ්බාසි වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත. වර්ත­මා­නයේ පාකි­ස්තා­නයේ පව­තින අභි­යෝග ජය­ගැ­නී­මට සියලු දේශ­පා­ලන නාය­ක­යන් සාමූහි­කව ක්‍රියා­මාර්ග ගත යුතු බව ද ෂාහිඩ් අබ්බාසි යෝජනා කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here