Home World News Room : “ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි

News Room : “ඔඩිසියස්” සාර්ථකව සඳ මතට ගොඩබස්වයි

2
0

අමෙරිකාවේ Intuitive machines තාක්ෂණ සමාගම නාසා ආයතනය සමග එක්ව සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස ඉතිහාසයට එක්විය.

ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින් ය.

අමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 කට පසුවය.

අමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් වී, සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.

පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර, ඒවා නම් කෙරෙන්නේ, ‘කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්’ නමිනි.

කෙටියෙන් මෙම මෙහෙයුම් හැඳින්වෙන්නේ ‘ක්ලිප්ස්’ යනුවෙනි. ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ එම චන්ද්‍ර යානය සඳට කඩා වැටුණු අතර එම මෙහෙයුම අසාර්ථක විය.

සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කළේ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයයි. මෙය ‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයකි. යානය පතිත කළේ ‘මැලපර්ට් ඒ’ නමින් නම් කළ චන්ද්‍ර ආවාටයටය.

‘ඔඩිසියස්’ යානය, සඳ බලා යෑම සඳහා පෘථිවි කක්ෂයට රැගෙන ගියේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ‘ෆෝලකන් 9’ වර්ගයේ රොකට්ටුවය.

ඒ, පසුගිය පෙබරවාරි 15 වැනිදාය. ‘ෆෝලකන් 9’ ගුවන්ගත වූයේ ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here