140
මියුසියස් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම විදුහලේ කීර්තිමත් ආදි සිසුවියක වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඡායා ශ්‍රී නාමුණි දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙවර ක්‍රීඩා උලෙළේදී ද ආබෲ නිවාසයට ශූරතාව හිමි වූ අතර, අනුශූරතාව හිමි වූයේ හිඟින්ස් නිවාසයටය. ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩිකාව (Field events) ලෙස අනුල්කි ගුණවර්ධන සහ දක්ෂතම ක්‍රීඩිකාව (Track events) ලෙස සිනලි කාරියවසම් සම්මාන දිනාගත්හ. ජයග්‍රාහී ද ආබෲ නිවාසයේ නායිකාව තෙනුලි සිරිමාන්න ප්‍රධාන ආරාධිත ඡායා ශ්‍රී නාමුණි දිසානායක මහත්මිය අතින් කුසලානය ලබා ගත් අයුරු.








