Home Local News Room : හෘද සැත්කම් මාෆියාවට මාලිමා ප්‍රහාරයක් : වසරක සැත්කම් පෝලිම...

News Room : හෘද සැත්කම් මාෆියාවට මාලිමා ප්‍රහාරයක් : වසරක සැත්කම් පෝලිම මාසයට බස්සන්න යයි ~

0
0
වසරකට හෘදයාබාධ සහ වෙනත් හෘද වාහිනී ආබාධ ප්‍රමාණය 398,027කට වඩා හඳුනාගන්නා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ලේඛනගත හෘද රෝග හේතු වාර්ෂික මරණ සංඛ්‍යාව 16,840 කි.

සාමාන්‍යයෙන් පෞද්ගලික රෝහලකින් හෘද සැත්කමක් හෝ ස්ටෙන්ට් (Stent) දැමීමක් වැනි ප්‍රතිකාරයක් සිදු කරගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර විශාල මුදලක් වැය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවේ. අවාසනාවකට, මෙම මුදල දරාගත හැක්කේ ඉතා සුළු පිරිසකට පමණි.

මුදල් නොමැති සාමාන්‍ය ජනතාවට සිදුවූයේ රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල (Waiting Lists) තම වාරය එනතෙක් මාස ගණනාවක් බලා සිටීමටයි.

*රොත්තු ලේඛනවල ඛේදවාචකය: රජයේ රෝහල්වල හෘද රෝගීන් 10,000කට ආසන්න ප්‍රමාණයක් සැත්කම් සඳහා බලාපොරොත්තුවෙන් සිටිති.

*කාලය හරස් වීම: ඇතැම් රෝගීන්ට තම සැත්කම සඳහා දිනයක් ලැබෙන්නේ මාස 8, 10 හෝ 12 වැනි දීර්ඝ කාලයකට පසුවය.

*අකල් මරණ: බොහෝ රෝගීන්ට තම අවස්ථාව උදා වන විටත් සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවී තිබීම අතිශය සංවේදී මෙන්ම ඛේදනීය තත්ත්වයකි.

වෙනසක ඇරඹුම: මාසයක් ඇතුළත ප්‍රතිකාර

මෙම බරපතල තත්ත්වය අවබෝධ කරගත් වත්මන් රජය ඊට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ, ඇති නැති පරතරයකින් තොරව, සෑම රෝගියෙකුටම උපරිම මාසයක් ඇතුළත රජයේ මැදිහත්වීමෙන් තම හෘද සැත්කම සිදුකර ගැනීමේ අවකාශය නිර්මාණය කර දීමයි.

මෙම විප්ලවීය වෙනසේ ප්‍රධානතම අවිය වී ඇත්තේ ‘කැත් ලැබ්’ (Cath Lab) ය.

මොනවාද මේ කැත් ලැබ්(Cath Lab)?

Cath Lab එහෙමත් නැත්නම් Cardiac Catheterization Laboratory යනු හෘදයාබාධ (Heart Attacks) සඳහා කඩිනමින් ප්‍රතිකාර කරන, රෝගී තත්ත්වයන් හඳුනාගන්නා සහ හෘදයට ස්ටෙන්ට් (Stent) ඇතුළු කිරීම වැනි ජීවිතාරක්ෂක ක්‍රියා පටිපාටි සිදුකරන අතිනවීන ඒකකයකි.

2025 වසර වන තුරුම සමස්ත ශ්‍රී ලංකාවේම පැවතියේ මෙවැනි කැත් ලැබ් 10කටත් අඩු ප්‍රමාණයකි. ජාතික රෝහලේ පවා මෙම පහසුකම ලබා ගැනීමට රෝගීන්ට මාස ගණන් රස්තියාදු වීමට රෝගීන්ට සිදුවූ අතර, මෙම සේවාවන් බොහෝ දුරට කොළඹට සහ නුවරට පමණක් සීමා වී තිබුණි.

දිවයිනම ආවරණය වන නව කැත් ලැබ් 16ක්

හෘදයාබාධයක් ඇතිවීමට දුප්පත් පොහොසත් භේදයක් හෝ නගරයේද ගමේද කියා වෙනසක් නැත. එබැවින්, පෞද්ගලික රෝහල්වලට ලක්ෂ ගණන් ගෙවීමට නොහැකි ජනතාව වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි නව කැත් ලැබ් 16ක් ස්ථාපිත කිරීමට රජය මේ වනවිට පියවර ගෙන තිබේ.

මෙමගින් පහත රෝහල් සඳහා නව කැත් ලැබ් පහසුකම් හිමිවනු ඇත:

කොළඹ ජාතික රෝහල – 3

අනුරාධපුර ශික්ෂණ රෝහල – 2

යාපනය ශික්ෂණ රෝහල – 1

කළුබෝවිල ශික්ෂණ රෝහල – 1

මහනුවර ජාතික රෝහල – 1

කුරුණෑගල ශික්ෂණ රෝහල – 1

බදුල්ල මහ රෝහල – 1

මඩකලපුව මහ රෝහල – 1

රත්නපුර ශික්ෂණ රෝහල – 1

ගාල්ල කරාපිටිය ජාතික රෝහල – 1

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල – 1

(මීට අමතරව තවත් රෝහල් කිහිපයක් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ).

මිනිස් ජීවිතවලට වටිනාකමක්

මින් පෙර කවදාවත් මෙවැනි අති නවීන පහසුකමක් ලැබේවි යැයි නොසිතූ ත්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල වැනි ප්‍රදේශවල ජනතාවට ද දැන් කොළඹට නොපැමිණ තම ප්‍රදේශයෙන්ම ජීවිතය බේරාගැනීමේ අවස්ථාව උදා වී ඇත.

ලක්ෂ 10න් එහා මුදලක් අය කරමින්, නේවාසික ගාස්තු ආදී විවිධ සැඟවුණු ගාස්තු එල්ලමින් සමහර පෞද්ගලික රෝහල් විසින් කරගෙන ගිය මහා පරිමාණ හෘද රෝග ප්‍රතිකාරවලට වෙසෙස්ව රජයේ රෝහල්වලින් මෙලෙස කටයුතු කර ගැනීමට අවකාශ සැලසීම ගැන ජාතික ජනබලවේග රජයට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here