Home Politics News Room : එදා ගෝඨාභයට උපදෙස් දුන් ගොඩහේවා අද සජිත්ට උපදෙස් දෙනවා...

News Room : එදා ගෝඨාභයට උපදෙස් දුන් ගොඩහේවා අද සජිත්ට උපදෙස් දෙනවා -මන්ත්‍රී නිමල් ලාන්සා

3
0

 

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දුන් නාලක ගොඩහේවා මහතා අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබට උපදෙස් දෙමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (01) පැවැසීය.

නාලක ගොඩහේවා මහතා යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දකුණු අත බවත් ඔහු වියත්මඟ ගෙනවිත් රටම විපත් මඟක් කරමින් අවුරුදු ගණන් දේශපාලනයේ යෙදුණු පිරිස් මහ පාරට ඇද දැමූ බවත් හෙතෙම කීවේය. දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විවිධ දෙපාර්තමේන්තුවලට සභාපතිවරුන් පත් කිරීම සිදු කළේ නාලක ගොඩහේවා මහතා බව පැවැසූ ඒ මහතා එය එසේ නොවේ නම් ඒ ගැන කතා කරන්න තමන් සමඟ වාදයකට එන්නැයි ඉල්ලා සිටින බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here