ටැබ් පරිගණක බෙදා නොදීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවට වග කිව නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්‌වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
මේ දිනවල ටැබ් පරිගණක ලබාදීම පිළිබඳව සමාජය තුළ සහ ජනමාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වෙලා තිබෙනවා. හිටපු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කිවයුතු වන්නේ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ විශාල කැපවීමක් කරලා සියලුම කටයුතු අවසන් කරලා තිබුණා. අවාසනාවට අපට Xmas ක්‍රියාත්මක කරන්නට බැරි වුණා. අවශ්‍ය ගුරුවරු පුහුණු කරලා, ඒවට අවශ්‍ය දේ හදලා උසස් පෙළ සිසුන්ට අවශ්‍ය පරිගණක ලබා දීලා, ඊට පස්සේ 6 ශ්‍රේණියේ සිට ඉහළට පරිගණක ලබා දීම තමයි අපි සැලසුම් කරලා තිබුණේ. ආණ්ඩුව පරාජයට පත්වීමෙන් පස්සේ ඊළඟ ආණ්ඩුව පරණ කැබිනට් පත්‍රිකා තමන්ගේ රාජකාරියට යොදා ගන්නේ නැහැ.
මැද කොළඹ සමූහ
ආරියරත්න ගනේගොඩ