Home Politics News Room : ජනකට චරිත සහතික දෙන්නේ නෑ

News Room : ජනකට චරිත සහතික දෙන්නේ නෑ

3
0

ජනක රත්නායක ගැන තමන්ටත් විවේචන තිබෙන නිසා ඔහු පිළිබඳ චරිත සහතික දීමට සූදානම් නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ කරුණු ක්‍රියාත්මක කිරීමට ජනක රත්නායක මහතා අකමැති වුණු නිසා ආණ්ඩුවට ඔහු එපා වීමට පටන්ගත් බව හෙතෙම කීවේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව පත් කළ ජනක රත්නායක මහතා ගැන කිසිම චරිත සහතියක් දීමට සූදානම් නැතැයිද හෙතෙම කීවේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසම ස්ථාපිත කළේ ඉන්ධන, ගල්අඟුරු සහ මහජන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා. ජනක රත්නායක සභාපතිවරයාට කලින් අපට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ එදා තිබුණු කොමිසම මුළුමනින්ම අහෝසි කරන්නත් උත්සාහ ගත්තා. කොමිසමේ හිටපු සාමාජිකයන්ට බලපෑම් කළා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙන්න කියලා. එදා ගෝඨාභය ආණ්ඩුව තමන්ගේ දේශපාලන වුවමනා ඉටු කරගන්නයි ඒ හැදුවේ. ජනක රත්නායක ගැන චරිත සහතික දෙන්නේ නැහැ. ඔහුව පත් කළේ මේ ආණ්ඩුවමයි.

නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here