ව්‍යාපාරිකයා බදුවලින් නිදහස් කර පාරිභෝගිකයට බදු ගැසීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටින බව ජාතික ජනබල වේගයේ පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසුවාය. සුරා බදු අඥා පනත, නිෂ්පාදන බදු, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
බීඩි බොන පුද්ගලයට බදු ගසා ඒ සඳහා යොදා ගන්නා සෙන්ඩු කොළ ගෙන එන ව්‍යාපාරිකයා බද්දෙන් නිදහස් කර ඇති බව මන්ත්‍රීවරිය කීවාය.
මේ රටේ බදු ප්‍රතිපත්ති ගැන හිතන විටත්, මේ රටේ සිදුවන අනෙක් ප්‍රතිපත්ති ක්‍රියාදාමය ගැන බලන කොටත්, මේ රටේ ජනතාවටත්, අපිටත් සැකයක් ඇති වෙනවා. මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ රටේ සාමන්‍ය මිනිසුන් කෙරෙහි තද වෛරයකින්, තරහකින් දෝ කියලා.





