මෙරට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු ආණ්ඩුවක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.
විශ්‍රාම වැටුප ලැබීමට දිර්ඝ කාලයක් ගත වීම නිසා ජනතාව අපහසුතාවයට පත් වෙනවා. මෙය දිර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවක්. ඒ පිළිබඳව පැමිණිලි නිතර ලැබෙනවා.
මෙම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණු අතර, එහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, විවෘත සහ වගකිවයුතු ආණ්ඩුව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ නිවැරදිව සම්පූර්ණ කරන ලද විශ්‍රාම වැටුප් අයැදුම්පත්‍රයක් ලැබී මසක කාලයක් ඇතුළත විශ්‍රාම වැටුප ගෙවීමේ හැකියාව පවතින බවයි. බොහෝ ගැටලු මතු වන්නේ අයැදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ නොවීම හේතුවෙන් බව ද ඔවුහු පෙන්වා දුන්හ.





