Home Politics News Room : ඇතැමුන් යුද ජය හෑල්ලු කිරීම කනගාටුදායකයි

News Room : ඇතැමුන් යුද ජය හෑල්ලු කිරීම කනගාටුදායකයි

7
0

මන්ත්‍රී සාගර කාරියවසම්

යුද ජයග්‍රහණය සමරන අවස්ථාවේ අපේ රටේම ඇතැම් කණ්ඩායම් එය හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“වත්මන් තරුණ පරපුර අහනවා, 70 වසරක් මේ රට කළ දේශපාලනඥයන් මේ රට කොයි දෙසට ගෙන ගියේ කියන එක. හැබැයි බහුතරයකට අමතකයි, වසර 30ක යුද්ධයකින් මේ 70 වසර ගෙවුණේ කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ දෙවතාවක් සිදු කළ ම්ලේච්ඡ වූ දරුණුම මිනීමරු ත්‍රස්තවාදී ක්‍රියා කලාප මැද තමයි, ඒ වසර 70 ගෙවුණේ. මේ වසර 70 තුළ රට ඉදිරියට ගෙන යන්න බැරි වු එක ප්‍රධාන හේතු තමයි ඒවා.

පසුගිය සතියේ අපේ රටේ අවුරුදු 30ක් තිබු මිනී මරු යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ යුද ජයග්‍රහණය සැමරුවා. මේ ජයග්‍රහණය සමරන අවස්ථාවේ අපේ රටේම සමහර කොටස් එය හෑල්ලු කිරීමට උත්සාහ දැරූ බව අපි දැක්කා. මෙය බොහොම කනගාටුදායක තත්ත්වයක්. “

මහින්ද අලුත්ගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here