Home Local News Room : මැතිවරණ කල් දැමීමක් කිසිවිටෙක නිර්දේශ කර නැහැ – IMF...

News Room : මැතිවරණ කල් දැමීමක් කිසිවිටෙක නිර්දේශ කර නැහැ – IMF අවධාරණය කරයි – Lanka Truth | සිංහල

5
0

මැතිවරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමක් හෝ මැතිවරණ කල් දැමීමක් කිසිවිටෙක නිර්දේශ කර නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දෙදෙනෙකු වන පීටර් බුවර් සහ මුසහීරෝ නසා අද (21) අළුයම මෙම මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිවිටකත් නිර්දේශ නොකළ බවට ඔවුන් එහිදී අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කරන සැලැස්ම 2023 වසරේ අප්‍රේල් මස අග වනවිට ඉදිරිපත් කළ යුතු බවත් ඒ හරහා අදාල ණය තිරසර භාවයේ ඉලක්ක කරා ශ්‍රී ලංකාවට ලඟා කරගැනීමේ අවස්ථාවක් ඇති බවට ඔවුන් ප්‍රකාශ කර ඇත.

සමාජ ආරක්ෂණ පද්ධතිය ගැන ඔවුන් මත ඉදිරිපත් කරමින් කියා තිබෙන්නේ ශ්‍රී ලාංකාවට ඒ අදාල ණය මුදල් ලබාදීමේදී අවම වශයෙන් රුපියල් මිලියන 178ක් ඒ සඳහා වියදම් කිරීමට හැකියාවක් ඇති බවත් එය ශ්‍රී ලංකා රජය විසින් වියදම් කළ යුතු බවත්ය. නමුත් මාස 06න් 06ට ඔවුන් මෙම විස්තීරණ ණය සැලැස්ම පිළිබඳව අවධානයෙන් පසුවන බවද අවධාරණය කර තිබේ.

ඩොලර් බිලියන 2.9ක ණය මුදල ශ්‍රී ලංකාවට අවස්ථා කිහිපයකදී, මාස 06න් 06ට හෝ මාස 04න් 04ට සමාලෝජනයකින් අනතුරුව නිකුත් කරන බවද ඔවුන් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here