2018 අංක 26 දරන සුරාබදු (සංශෝධන) පනත මඟින් මත්පැන් නිෂ්පාදන වල ආරක්ෂක සලකුණු තැබීමට අදාළ නීතිමය විධිවිධාන හඳුන්වා දී ඇත.
ඒ අනුව, 2021-10-16 දිනැති අංක 2249/50 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති අංක 10/2021 දරන සුරාබදු නිවේදනය මඟින් ආනයනික විදේශීය මත්පැන්, දේශීයව නිෂ්පාදිත විදේශීය මත්පැන්, සහ දේශීය මත්පැන් සඳහා ආරක්ෂක සලකුණු යෙදීම 2021-01-03 දින සිට බලපැවැත්වෙන පරිදි අනිවාර්ය කරනු ලැබ තිබේ.
දැනට ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ සේවාව පවරා ඇති ආයතනයේ කොන්ත්‍රාත් කාලසීමාව 2027-01-01 දිනෙන් අවසන් වීමට නියමිත ය.
ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ තනි – අදියර ද්විත්ව කවර ලංසු කැඳවීමේ ක්‍රම වේදය භාවිත කරමින් අදාළ දත්ත පද්ධතිය සඳහා අවශ්‍ය ආරක්ෂක සලකුණු සහ පද්ධති කළමනා කරණ සේවා සැපයීම පිණිස වසර 05 ක කාල සීමාවක් සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







