Home Local News Room : බරපතළ චෝදනා එල්ල වී ඇති අයට පොලිස්පති ධූරය දෙන්න...

News Room : බරපතළ චෝදනා එල්ල වී ඇති අයට පොලිස්පති ධූරය දෙන්න එපා! කාදිනල් හිමියන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවට විශේෂ ලිපියක්!

2
0

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුලු බරපතළ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හට පොලිස්පති ධූරය ලබා දීමට පියවර ‌නොගන්නා ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය උන්වහන්සේ විසින් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයන් 9 දෙනාටම යොමු කර ඇති බවද වාර්තා වේ.

වත්මන් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා මේ සතිය ඇතුළත විශ්‍රාම යාමට නියමිත අතර ව්‍යවස්ථාදායක සභාව විසින් නව පොලිස්පතිවරයා නම් කිරීම සිදුකළ යුතුව තිබේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කොට ඇත්තේ දැනටමත් ජනාධිපතිවරයා විසින් නම් 3ක් නව පොලිස්පති ධූරය වෙනුවෙන් යෝජනා කොට ඇති බවකි.

ඒ අනුව අවසන් තීන්දුව ගැනීමේ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට බැවින් ‌චෝදනා රහිත පුද්ගලයක ඊට පත් කරන ලෙස කාදිනල් හිමියන් සිය ලිපිය මගින් ව්‍යවස්ථාදායක සභාවේ සියලුම නියෝජිතයන්ට දැනුම් දීමක් කොට ඇත.

ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම්, වෛද්‍ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, වෛද්‍ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here